ජනාධිපතිගේ නම විකුණා – මිනුවන්ගොඩ මහා පරිමාණ පස් ජාවාරමක්
මිනුවන්ගොඩ කොටුගොඩ ප්‍රදේශයේ අක්කර විස්සක් පමණ ප්‍රදේශවාසීන් නොමග යවමින් ජනිධිපති ගෝඨාභය රාජපක්ෂගේ මස්සිනා බව හඟවමින් පස් කපා ප්‍රවාහනය කිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳ වාර්තා වේ.
මීට වසර දෙකකට ඉහතදී ප්‍රදේශයේ ජනතාවට පවසා ඇතතේ නිවසක් ඉදිකිරීමට භූමිය සකස් කර ගැනීමට අවශ්‍ය ආකාරයට ලිපියකට අත්සන් කර දෙන ලෙසටයි.
කෙසේ වෙතත් මේ වනවිට අක්කර විස්සක් පමණ භූමියක පස් කපා ඇති අතර ඊට විරුද්ධ වන අයව බිය ගන්වමිනි. මෙම තත්ත්වය සමග ප්‍රදේශයේ ජල සීරා සිඳී යාමෙන් ළිංවල ජලයද සිඳී යාමට පටන් ගෙන ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
මේ සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීමේදී හෙළි වූයේ වත්තල ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකුගේ හිතවතකු විසින් මෙම පස් කැපීමේ ව්‍යාපාරය සිදු කරන බවයි.
පස් ජාවාරම නිසා ගෙවුණු කාලයේ පමණක් ගම්පහ දිස්ත්‍රික්කයේ ඝාතන 50ට ආසන්න ප්‍රමාණයක් සිදුව ඇත.
