ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 3519 ඉක්මවයි
ජනාධිපතිවරණයට අදාළව ඊයේ (10) දිනය තුළ පමණක් පැමිණිලි 102ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මැතිවරණ කොමිෂන් සභාවේ ජාතික මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයට පැමිණිලි 23ක් සහ දිස්ත්‍රික් මැතිවරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි 79ක් ඊයේ දිනය තුළ ලැබී ඇති බවත් පසුගිය මස 08 වැනිදා සිට ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 3519ක් බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
එමෙන්ම ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධීන් සම්බන්ධ පැමිණිලි 26ක් සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධ පැමිණිලි 3387ක් ඒ අතරට ලැබී ඇත.
