News

ජනාධිපති කාර්යය සාධක බලකාය අද ගත් විශේෂ තීරණ

අත්‍යාවශ්‍ය සේවා සඳහා වු ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් අද දිනයේ විශේෂ තීන්දු තීරණ කිහිපයක් ගෙන තිඛේ.

ඒ එහි ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාදක බලකාය අද රැස් වු අවස්ථාවේදීයි. ඊට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද එක්ව සිටියා.

ජනතාවගේ පහසුව වෙනුවෙන් සෞඛ්‍ය කේෂ්ත්‍රය සම්බන්ධයෙන් එහිදී ගත් තීරණ පහතින් දැක්වෙයි.

01. අප්‍රේල් මස 9 වන බ්‍රහස්පතින්දා උදෑසන 9 සිට සවස 5 දක්වා දිවයින පුරා සියලු ඖෂධ අලෙවිසැල් විවෘත කර තැබිය යුතුයි

02. සියලූම ආයුර්වේද රෝහල් ඇඳිරි නීති කාලය තුළ විවෘතව තැබිය යුතුයි.

03.සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම එක් බෙහෙත් ශාලාවකට හෝ ඇඳිරි නීති කාලය තුළ ජංගම සේවා සඳහා අවසර ලබා දී තිබේ.

04. කොත්තමල්ලි, ඉඟුරු හා වෙනිවැල්ගැට ආනයනයට පියවර ගැනීම.

05.ආයුර්වේද ප්‍රතිකාර ලබන රෝගීන්ට නිවාස වෙතම තැපැල් මඟින් ඖෂධ බෙදා හැරීම.