ජපුර සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරන පීඨයේ පළමු වසර බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාලව සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් සිව් දෙනකු බව පොලීසිය පවසයි.
කළමනාකරණ පීඨයේ නවක සිසුවකු වූ පසිදු හිරුෂාන් තරුණයාගේ හිසට ටයරයක් වැදී බරපතල තුවාල සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මොවුන් මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත.
එම සිසුන් සිව් දෙනා අතර ටයරය තල්ලු කළ බව කියන සිසුවා ද සිටින බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.
