ජයම්පතිගේ පුරප්පාඩුවට සමන් රත්නප්රිය
ආචාර්ය ජයම්පති වික්රමරත්න මහතාගේ ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ එජාප ජාතික ලැයිස්තු මන්ත්රී ධුරය සඳහා වෘත්තීය සමිති නායකයකු වන සමන් රත්නප්රිය පත් කිරීමට යෝජනා වී තිබේ.
සමන් රත්නප්රිය එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පසුගිය කාලයේ සිදු කළ කැපකිරීම සහ සේවාවන් සලකා ඔහුට මන්ත්රී ධුරයක් ලබා දීමට එජාප නායකත්වයට කලක සිට යෝජනා ඉදිරිපත්ව තිබූ බව එජාප මන්ත්රීවරයෙක් ප්රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් අපි සමන් රත්නප්රිය මහතාගෙන් විමසීමක් කළෙමු. තමන්ට මන්ත්රී ධුරයක් ලබාදෙන බවට කලක සිට යෝජනා ඉදිරිපත්ව තිබූ බව කී හෙතෙම ඒ පිළිබඳ සලකා බලමින් සිටින බවද කීවේය.
ජයම්පති වික්රමරත්නගේ ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ මන්ත්රී ධුරය ලබා ගන්නා ලෙස තමන්ට ඊයේ (22 වැනිදා) යෝජනාවක් ලැබුණු බව කී හෙතෙම ඉදිරි දින කිහිපය ඇතුළතදී ඒ පිළිබඳ තීරණයක් ගන්නා බව කීවේය.
අජිත් අලහකෝන්
