News

ජාත්‍යන්තර ගුවන්තොටුපළවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු දිවයිනට

ඩුබායි සහ මාලදිවයිනේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

පසුගිය 8 වැනිදා ඩුබායි හි සිට දෙදෙනෙකුත්, ඊයේ (09) මාලදිවයින සිට තවත් ශ්‍රී ලාංකිකයෙක් මෙරටට පැමිණි බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව තවත් ශ්‍රී ලාංකිකයින් 30දෙනෙකු ඉදිරියේදී දිවයිටන ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබේ.

මෙලෙස දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් දින 21ක කාලයක් නිරෝධායනය සදහා යොමු කෙරෙනු ඇති.