ජාතික පාසල් ගුරු මාරු තාවකාලිකව නවතයි
පාසල් වාරය මැද ගුරු මාරු නොකරන්නැයි දිවයිනේ ජාතික පාසල් රැසක විදුහල්පතිවරු ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව රජය විසින් සියලු ජාතික පාසල් වල වාරය මැද සිදු කරන ස්ථාන මාරු තාවකාලිකව අත් හිටුවනු ලැබුහ.
මේ වර්ෂයේ අදාළ ගුරු මාරු කටයුතු ක්‍රියාත්මක කරන දිනය ඉදිරියේ දී දැනුම් දෙනු ලැබේ.
අධ්‍යාපන අමාත්‍යංශය විසින් ගුරු ස්ථාන මාරු සඳහා නව විද්‍යුත් යෙදවුමක්(APP) හදුන්වා දෙන බවද මෙමගින් තමන්ගේ ගුරු ස්ථාන මාරු පිළිබඳව විනිවිදභාවයෙන් යුතුව තොරතුරු යාවත්කාලීන කර ගැනීමටද හැකියාව ලැබෙන බව ඔවුන් පෙන්වාදෙයි.
