News

ඩුබායි අංජු සහ දිනේෂ්ගේ හෙරොයින් ජාවාරම මෙහෙයවු තරුණියන් 2 ක් ඇතුලු 4 ක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සිටින දිනේෂ් සහ අංජු නැමති සංවිධානාත්මක අපරාධකරුවන් විසින් මෙහෙයවනු ලබන හෙරොයින් ජාවාරම් ජාලයේ සැකකරුවන් හතර දෙනෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු හෙරොයින් ග්‍රෑම් 500 ක් සමග පිළියන්දලදී ගල්කිස්ස කොට්ඨාශ දුෂණ මර්දන එකකය විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිඛේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සහ සැකකාරියන් වයස අවුරුදු 17් සහ 52 අතර වියෙහි පසුවන බඩෝවිට ගල්කිස්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝය.

කුලි පදනම මත ලබාගත් දැල්තර ප්‍රදේශයේ මෙම නිවසේ සිට හෙරොයින් පැකට් කර දිවයින පුරා ඛෙදාහැරිම මෙම සැකකරුවන් විසින් සිදුකොට ඇති බව විමර්ශනවලදී හෙලිවී තිඛේ.

ගල්කිස්ස කොට්ඨාශ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්නට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකොට තිඛේ. ඉදිරි විමර්ශන කටයුතු සඳහා හෙරොයින් තොගය සහ සැකකරුවන් පිළියන්දර පොලිසිය වෙත භාරදී තිඛේ.

 

හේමන්ම ලියනපතිරණ