News

ඩොලරය හමුවේ රුපියල ඉහළට

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි.

ඒ අනුව අද (15) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරක විකුණුම් මිල රුපියල් 195.78ක් ලෙස දැක්වූ අතර, එහි ගැනුම් මිල රුපියල් 188.51ලෙස දැක්වා තිබිණි.