News

ඩොලරය 200.46ට නගී

නව කොරෝනා වෛරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මෙරට ඉතිහාසයේ පළමු වතාවට අද (06) 200 සීමාව ඉක්මවා ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 200.46 ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 193.95ක් ලෙසත් දැක්විණි.