තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබයි
නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව කොරෝනා රෝගය සුව වී ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 25 කි.
මෙරටින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 159 දෙනෙකු මේ වන විට හදුනාගෙන ඇති අතර ඉන් 5 දෙනෙකු මිය ගොස් ඇත.
මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත රෝගීන් 129 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
