තවත් 101 නිරෝධනයට දියතලාව හමුදා කදවුරට
ඉතාලියේ සහ කොරියාවේ සිට මෙරටට පැමිණි තවත් දේශීය මගීන් 101 දෙනෙකු නිරෝධායන කටයුතු වෙනුවෙන් අද(13)දියතලාව යුධ හමුදා කදවුරේ නිරෝධායන කදවුරට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
මෙම පිරිස දියතලාව යුධ හමුදා කදවුරේ ගැමුණු හේවා බලකායට අයත් නිරෝධයන කදවුරට ඇතුලත් කර ඇත.
මේ වන විට දියතලාවට රැගෙන් ආ සම්පූර්ණ පිරිස 345කි.
මෙම පිරිස දින 14ක නිරෝධායන කටයුතු වෙනුවෙන් මෙම කදවුරු වලට ඇතුළත් කර තිබේ.
