News

තෙල් සංස්ථාවේ මාසික වැටුපට සමානව අතිකාල හා එදිනෙදා වියදම් ගෙවයි

ලංකා ඛනිජතෙල් සංස්ථාවේ සේවකයන් තමන්ගේ මාසික වැටුපට සමානව මුදලක් අතිකාල දීමනා, එදිනෙදා දීමනා ලෙස ලබා ගන්නා බව සංස්ථා ආරංචි මාර්ග පවසයි. සපුගස්කන්ද තෙල් පිරිපහදුව, ප්‍රධාන කාර්යාලය හා ඛනිජ තෙල් සංස්ථාව, කොළොන්නාව තොගනිමාව යන ආයතනවල සේවකයන් දෙදහස් අටසීයක් පමණ සේවය කරන අතර ඔවුන්ට මාසිකව රුපියල් ලක්ෂ 1700 ක් පමණ වැටුප් හා දීමනා ලෙස ලබාදෙයි. එහි මාසික වැටුප ලෙස ලක්ෂ අටසිය දහසක් (810) ගෙවන අතර සෙසු ලක්ෂ 700 යට අනෙකුත් දීමනා ලෙස ගෙවන පිරිවැයයි. අතිකාල දීමනා ලෙස රුපියල් ලක්ෂ 430 ක් පමණද, විධායක ශ්‍රේණියේ නිලධාරින්ගේ ගෙවීම් ලෙස ලක්ෂ 125 ක් පමණද, දෛනිකව ගෙවන පැමිණීමේ දීමනා, ප්‍රවාහන දීමනා, ආහාර දීමනා, ජීවන වියදම් දීමනා සඳහා රුපියල් ලක්ෂ 440 ක් පමණ වැයකරන බව වාර්තා වේ. ඒ අනුව වැටුපට සමානව තෙල් සංස්ථා සේවකයන්ට අතිකාල දීමනා හා එදිනෙදා වියදම් ගෙවන බවද වාර්තා වේ.

චමින්ද සේනාරත්න