දඩයක්කරුවන් පිරිසකගේ වෙඩි තැබීමකින් වනජීවි නිලධාරියෙකු ජීවිතක්ෂයට
ගලඔය ජාතික වනෝද්‍යානයේ වැටලීම් සඳහා පිටවගොස් සිටි ඉඟිණියාගල වනජීවි නිලධාරියෙකුට දඩයම්කරුවන් පිරිසක් විසින් සිදුකල වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාල සදහන් කළේ ඊයේ(22) රාත්‍රී කාලයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවරුදු 25ක් වන ඉඟිණියාගල වනජීවි කාර්යාලයට අනුයක්තව සේවය කළ නිලධාරීයෙකි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 04 දෙනෙකු වෙඩි තැබීමට උපයෝගී කරගත් බොර 12 ගිනි අවියක් සමඟ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
