News

දඹදිව වන්දනාවේ ගිය තවත් පිරිසක් නිරෝධානයනට

දඹදිව වන්දනාවේ ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටි වන්දනාකරුවන් පිරිසක් ඊයේ (20) රාත්‍රීයේ දිවයිනට පැමිණ ඇත.

ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යු.එල්.196 දරණ ගුවන් යානයෙන් එම පිරිස කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පැමිණි සියල්ලන් නීරෝධායන කටයුතු සඳහා නියමිත මධ්‍යස්ථාන වෙත රැගෙන යන ලදී.