News

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම් දෙනතුරු වසා දැමේ

රටතුළ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරැව්ව මහතා පැවසුවේ ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන විශාල ජනතාව සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

පසුගිය දින කිහිපයේ වසා දමා තිබූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට (08) දින නැවත විවෘත කිරීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් ගොවි ජනතාවගේ ව්‍යාපාරිකයන්ගේ මෙන්ම රටේම ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරැව්ව මහතා වැඩිදුරටත් සදහන් කළේය.