News

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටම විවෘත කෙරේ

අධික වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටම අද (01) අලුයම සිට අඩි 03 බැගින් විවෘත කර ඇත.

එම දොරටු අට විවෘත කිරීමෙන් ජලාශයෙන් තත්පරයට ඝන අඩි 16500 ක් දැදුරුඔයට මුදා හැරෙන බවත් එය ගංවතුර තත්ත්වයක් නොවන බව ඉන්ජිනේරුවරයා සඳහන් කළේය.