දැරියට පහරදීමේ පැමිණිල්ල භාර නොගත් කාන්තා එස්.අයි ලා දෙන්නගෙම වැඩ තහනම්
කොටවෙහෙර සහ නිකවැරටිය පොලිස් ස්ථාන දෙකෙහි ළමා හා කාන්තා කාර්යංශ ස්ථානාධිපතිවරියන්ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.
නිකවැරටිය කොටවෙහෙර ප්‍රදේශයේ දැරියකට පහරදීමේ සිද්ධිය දැරියගේ මිත්තණිය විසින් මෙම පොලිස් ස්ථාන වෙත පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේ එම පැමිණිලි භාර නොගෙන ආපසු හරහා එවා තිබේ.
ඒ අනුව රාජකාරිය බරපතළ ලෙස පැහැර හැරීම මත මෙම ස්ථානාධිපතිවරියන්ගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන ඇත.
මෙලෙස සේවය අත්හිටුවා ඇත්තේ නිකවැරටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂිකා ඉමාලි ලක්ෂි හේමචන්ද්‍ර සහ කොටවෙහෙර පොලිසියේ උප පොලිස් පරීක්ෂිකා සඳරේඛා අත්තනායක යන දෙදෙනාය.
නිකවැරටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ විසින් මෙම සේවය අත්හිටුවීම සිදුකර ඇත.
මේ පිළිබඳව අප නිකවැරටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහගෙන් විමසූ අවස්ථාවේ ඔහු ප්‍රකාශ කළේ මෙම සිදුවීමට අදාළව පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර වැරදිකරුවන්ට දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
හේමන්ත ලියනපතිරණ
