News

දිනකට PCR පරීක්ෂණ 1000ක් කිරීමට පියවර

COVID-19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාත්මක ලෙස වැඩිවිමත් සමඟ ඔවුන්ගේ PCR පරීක්ෂණ කටයුතු පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙම PCR පරීක්ෂණ කටයුතු පුළුල් කිරීමට පෞද්ගලික රෝහල්වල තිබෙන පහසුකම් ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එමෙන්ම දිනකට සිදු කරන PCR පරීක්ෂණ ගණන 1000ක් දක්වා වැඩි කිරීමට පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

PCR පරීක්ෂණ සිදු කිරීමට පෞද්ගලික රෝහල්වල සහාය ලබා ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් රාජගිරියේ පිහිටි COVID-19 පැතිරීම වැළෑක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (23) පෙරවරුවේ සෞඛ්‍ය හා දේශීය දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

මෙම පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමෙන් ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් හඳුනා ගත හැකි බව ද සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරයි.