දිනයක් තුළ ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 98යි – මුළු පැමිණිලි සංඛ්‍යාව 3417යි
ජනාධිපතිවරණයට අදාළව ඊයේ (08) දිනය තුළ පමණක් පැමිණිලි 98ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මැතිවරණ කොමිෂන් සභාවේ ජාතික මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයට පැමිණිලි 29ක් සහ දිස්ත්‍රික් මැතිවරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි 69ක් ඊයේ දිනය තුළ ලැබී ඇති බවත් පසුගිය මස 08 වැනිදා සිට ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 3417ක් බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
එමෙන්ම ප්රචණ්ඩ ක්‍රියා සිද්ධීන් සම්බන්ධ පැමිණිලි 25ක් සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධ පැමිණිලි 3286ක් ඒ අතරට ලැබී ඇත.
