News

දින තුනේ නිවාඩුව නාම යෝජනා භාරගැනීමට බාධාවක් නොවේ – මැතිවරණ කොමිෂන් සභාව

රජය විසින් ලබාදුන් දින තුනක විශේෂ නිවාඩුව මහ මැතිවරණයට අදාළ නාම යෝජනා භාරගැනීමේ කටයුතුවලට බාධාවක් නොවන බව ජාතික මැතිවරණ කොමිසන් සභාව පවසයි.

එම කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සදහන් කළේ නාමයෝජනා භාරගැනීමේ කටයුතු සිදුකිරීම සදහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘතව පවතින බවයි.

රජය විසින් අද (17) සිට ලබන 19 වැනි දක්වා ලබාදුන් විශේෂ නිවාඩුව සෞඛ්‍යය, ආහාර සැපයුම්, ප්‍රවාහනය, අත්‍යවශ්‍ය සේවා, බැංකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා අදාළ නොවේ.