දිස්ත්‍රික්ක තුනක ඡන්ද ප්‍රතිඵල ප්‍රමාදයි
අධික වර්ෂාව නිසා ඇතිව තිබෙන සුළු ගංවතුර තත්ත්වය හේතුවෙන් කෑගල්ල, රත්නපුර සහ බදුල්ල යන දිස්ත්‍රික්ක වල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මේ හේතුවෙන් මෙම දිස්ත්‍රික්කවල ඡන්දය ගණන් කිරීමේ කටයුතු ඇරඹුනේ අද (16) රාත්‍රී 10ට පමණ බව එම කොමිසම සදහන් කරයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරමින් තිබූ වෑන් රථයක් අනතුරකට ලක්ව ඇති අතර, ඉන් කිසිදු නිලධාරියෙකුට හානියක් සිදුව නොමැති බව එම කොමිසම සදහන් කරයි.
