දිස්ත්රික්ක 19 කට හෙට ලිහිල් කරන ඇඳිරි නීතිය 14 වැනි දා දක්වා බලාත්මකයි
කොළඹ, ගම්පහ, කළුතර පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්රික්කවලට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පවතිනු ඇත.
සෙසු සියළු දිස්ත්රික්කවල හෙට (09) බ්රහස්පතින්දා උදේ 06.00 ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 04.00 ට යළි පනවනු ලැබේ.
එම පොලිස් ඇඳිරි නීතිය ලබන 14 වැනි දා උදෑසන 6.00 ට ඉවත් කර එදිනම සවස 4.00 ට යළි පනවනු ඇත.

