කතුවැකි

දේවාල ඇතුළෙ පෙම් කරන්නෙ බලාගෙනයි…

ලෝක ප්‍රසිද්ධ ‘වර්සාචේ’ (Versace) සන්නාමයේ ලෝගෝ එක හෙවත් ලාංඡනය දිහා ඔයා ටිකක් ඕනෑකමින් බලලා තියෙනවද? ඒ ලාංඡනය මැද ඉන්නේ හිසේ කොණ්ඩය වෙනුවට පණ තියෙන, විෂඝෝර සර්පයන් පිරිවරාගත් කාන්තාවක්… ඇය තමයි මීට බොහෝ කාලෙකට ඉස්සර ග්‍රීසියේ ජීවත් වුණු ‘මෙඩූසා’. මෙඩූසාට ඒ වගේ ඉරණමක් අත්වෙන්න කලින් ඇය මුළු ග්‍රීසියම වුණත් වශී කරගත හැකි, අතිශය සුන්දර රූ සපුවකට සහ දිගු දිලිසෙන කෙස් කළඹකට හිමිකම් කියපු තරුණියක්. ඇගේ ඒ සුන්දරත්වයට හිත ගිය පිරිස අතරේ මුහුදට අධිපති පොසයිඩන් දෙවියොත් ඉඳලා තියෙනවා. දවසක් ඔහු ඇතීනා දෙවඟනගේ දේවාලය තුළදීම මෙඩූසාට බලහත්කාරකමක් කරන්න ගිහින්, ඒ ගැන කිපුණු ඇතීනා දෙවඟන, තමන්ගේ පූජනීය දේවාලයට අගෞරව කළ වරදට මෙඩූසාට දරුණු ශාපයක් කළාලු. එහි ප්‍රතිඵලය වුණේ ඇගේ දිගු, රන්වන් කොණ්ඩය විෂඝෝර සර්පයන්ගෙන් පිරුණු හිසක් බවට පත්වෙලා අවලස්සන රූපයක් ඇයට උරුම වීමයි.

 

අද කාලේ අපි මෙඩූසා වගේ දේව ශාපවලට ලක් නොවුණට, අපේ කොණ්ඩයට නොගැළපෙන සත්කාර කරන්න ගිහින් අපිම අපේ කොණ්ඩයට ශාප කරගන්න අවස්ථා නැතුවම නෙවෙයි. එහෙම වෙලාවට කොණ්ඩය වියැළෙනවා, කැඩෙනවා, පැටලෙනවා… සමහර වෙලාවට කොච්චර සත්කාර කළත් බලාපොරොත්තු වෙන සුන්දරත්වය ලැබෙන්නේ නෑ. ඔබේ කොණ්ඩයට ඒ ඉරණම අත්වෙන්න නොදී, ගැළපෙන සත්කාරවලින් හොඳ පෙනුමක් ලබාගැනීම ගැනයි මෙවර බියුටි පිටුවෙන් අපි ඔබට කියාදෙන්නේ…

 

ආයුර්වේදයේ සඳහන් වෙන විදියට, පුද්ගලයන්ගේ ශරීර ස්වභාවය අනුව හිසකෙස්වල ස්වභාවයත් වෙනස් විය හැකියි. ඒ අනුව වියළි සහ රළු කොණ්ඩය, සිනිඳු සහ සිහින් කොණ්ඩය, ඝන සහ තෙල් සහිත කොණ්ඩය ලෙස ප්‍රධාන වශයෙන් හිසකෙස් ස්වභාවය හඳුනගන්න පුළුවන්. මේ එක් එක් කොණ්ඩයේ ස්වභාවයට ගැළපෙන සත්කාර තෝරාගැනීමයි වඩා වැදගත් වෙන්නේ.

 

වියළි සහ රළු කොණ්ඩය සඳහා ආයුර්වේද සත්කාර

  • තල තෙල් මේස හැඳි 2ක් මඳක් රත් කර හිස්කබලේ සහ කොණ්ඩයේ හොඳින් ආලේප කරන්න. ඇඟිලි තුඩුවලින් මෘදුව සම්බාහනය කර විනාඩි 30ක් තබා මෘදු ෂැම්පු වර්ගයකින් සෝදා හරින්න.
  • පොල්තෙල් මේස හැඳි 2කට නෙල්ලි කුඩු තේ හැන්දක් මිශ්‍ර කරන්න. එය කොණ්ඩයේ මුල සිට අග දක්වා ආලේප කර විනාඩි 20ක් තබා ෂැම්පු යොදා සෝදා හරින්න.
  • සපත්තු මල්, කොළ සහ මල් පෙති කිහිපයක් වතුර ස්වල්පයක් සමඟ හොඳින් අඹරා පේස්ට් එකක් සාදාගන්න. හිස්කබලේ සහ කොණ්ඩයේ ආලේප කර විනාඩි 20ක් තබා සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න.

උපදෙස් – වෛද්‍ය එස්. එම්. මධුෂාණී වත්සලා කුමාරි

ආයුර්වේද වෛද්‍යවේදී හා ශල්‍යවේදී (ගෞරව)

ආයුර්ගා ආයුර්වේද මෙඩි ක්ලිනික්, මාවනැල්ල

 

නෙත්මි තෂාරා

සම්පුර්ණ ලිපිය කියවන්න ධරණී පුවත්පත බලන්න