News

දේශපාලන පක්ෂ 6 ක් අද මැකෝ කැඳවයි

දේශපාලන පක්ෂ 6 ක සභාපතිවරුන් සහ ලේකම්වරු අද මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිඛේ.

අභ්‍යන්තර ගැටලු ඇති පක්ෂ 6 ක් මෙලෙස කැඳවා ඇති බවයි කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කලේ.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව ද අද පෙරවරුවේ රැස්වීමට නියමිතයි.

මහ මැතිවරණයට අදාල ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති.

එමෙන්ම මහ මැතිවරණයේ තැපැල් ඡන්දය පැවැත්වෙන දිනය පිළිබදව ද අද කොමිෂන් සභාව තීරණයක් ගැනිමට නියමිතව ඇත.