දේශපාලන පදනම නොසලකා පොලිස් ස්ථානාධිපති පත් කරන්නැයි ඉල්ලීමක්
දේශපාලන නිර්දේශ මත පොලිස් ස්ථානාධිපතිවරු පත් නොකොට සුදුසුකම් ලබා ඇති නිලධාරීන්ට පොලිස් ස්ථානාධිපති තනතුර ලැබෙන ක්‍රමවේදයක් සකස් කරන ලෙස පොලිස් පරීක්ෂකවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා තිබේ.
උප පොලිස් පරීක්ෂක, පොලිස් පරීක්ෂක, ප්‍රධාන පොලිස් පරීක්ෂක යන තනතුරුවල නිලධාරීන් දහදහස් පන්සීයක් පමණ සිටින අතර, පන්සීයකට ආසන්න පොලිස් ස්ථානවලට වර්ගීකරණය අනුව මෙම පිරිසෙන් ස්ථානාධිපතිවරු තෝරා ගැනෙයි. වසර තුනකට වතාවක් එම පත්කළ නිලධාරීන් ස්ථාන මාරුකරනවා වෙනුවට සුදුසුකම් පරීක්ෂා කර ඒ වෙනුවට නවකයන්ට අවස්ථාව ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති. එවිට ඉහළ තනතුරුවලට යෑමට අවශ්‍ය සිය සුදුසුකම් සපුරාගැනීමට ද මෙමගින් පිටිවහලක් වන බව එම ශ්‍රේණිවල නිලධාරීහු පැවසූහ.
මීට පෙර මෙම ආකාරයට සුදුසුකම් පරීක්ෂා කර සුදුස්සන් තෝරාගෙන පුරප්පාඩු ලැබෙන ආකාරයට එම තෝරාගත් පිරිසට අවස්ථාව ලබාදුන්නද පසුගිය ආණ්ඩුව සමයේ එම අවස්ථාව අහිමි වී ඇත.
චමින්ද සේනාරත්න
