නත්තල් දිනයේ සුරාබදු මෙහෙයුමෙන් 146ක් අත්අඩංගුවට
නත්තල් උත්සවය නිමිත්තෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඊයේ (25) දිනයේ දීප ව්‍යාප්ත මෙහෙයුම් මාලාවක් සිදුකළේය.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, ඊයේ (25) දින තුළ සිදුකළ මෙහෙයුමෙන් වැටලීම් 146ක් සිදුකළ අතර, සැකකරුවන් 146ක් සමග රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනාකමින් යුත් මත්පැන්, ගෝඩා ස්ප්‍රීතු, පෙරීම් උපකරණ හා මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බවයි.

