නව ගමනක් යන්න සජිත්ගෙන් රනිල්ට ඇරයුම්
මහ මැතිවරණයට අදාලව සමගි ජන බලවේගයේ ප්‍රචාරන කටයුතු ලබන 02 වනදා සිට ආරම්භ කරන බව එහි නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සන්ධානයේ නව ගමන සමග එක්වන ලෙස අද පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඇරයුම් කළ බව ද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා.
අද පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය. ජනතා අපේක්ෂා ක්‍රියාවට නංවන නව ගමනට සියලු දෙනා එක්සිත්ව එකතුවිය යුතු බවයි ප්‍රේමදාස මහතා සඳහන් කළේ.
