නව වසරේ පළමු චන්ද්‍ර ග්‍රහණය අදයි
නව වසරේ පළමු චන්ද්‍ර ග්‍රහණය අද රාත්‍රියේ දර්ශනය වෙයි.
එය මෙරටට ඡායා චන්ද්‍ර ග්‍රහණයක් ලෙස දිස් වන අතර අද රාත්‍රී 10.38 සිට හෙට අලුයම 1.42 දක්වා එය දිස්වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා පීඨයේ මහාචාර්ය, තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.
එවැනි චන්ද්‍රග්‍රහණ 4 ක් සහ සූර්යග්‍රහණ දෙකක් මෙම වසර තුළ සිදු වීමට නියමිත බව ඔහු සඳහන් කළේය.
