නළ දරුවන් පතා ඉන්දියා ගිය 15ක් හිරවෙලා – හයදෙනෙක් ගැබිනියන්
දැනට ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික ගැබිනියන් හය දෙනකු මෙරටට පැමිණීමට නොහැකිව අසීරුතාවට පත්ව සිටිති. මෙම කාන්තාවන් ඇතුළු තවත් පහළොස් දෙනකු නළ දරු උපත් ප්‍රතිකාර සඳහා ඉන්දියාවේ කොයිම්බතූර් වෙත ගොස් ඇත්තේ මීට මාස 04 කට පමණ පෙරය.
මෙම පිරිස සම්බන්ධයෙන් කරන ලද විමසීමක දී විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු කියා සිටියේ ඔවුන් පිළිබඳ තොරතුරු අමාත්‍යාංශයට ලැබී ඇති බවයි. එසේම ඔවුන්ව ඉක්මනින්ම මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර දකුණු ආසියානු කලාපයේ රටවල සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති අතර එහි පළමු අදියර ලෙස අද (21) පාකිස්තානයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් 113ක් ශ්‍රීලංකන් ගුවන් යානයකින් රැගෙන ඒමට නියමිතය.
නයන තරංග ගමගේ
