News

නිදහස් දින පෙරහුරු නිසා කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

72 වන ජාතික නිදහස් දින සමරු උළෙලේ පෙරහුරු හේතුවෙන් අද සිට කොළඹ නිදහස් චතුරස්‍රය ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.

එම පෙරහුරු අද ලබන 31 සහ පෙබරවාරි 02 සහ 03 දිනවලදී සිදු කිරීමට නියමිතව ඇත.

ඒ අනුව එම දිනයන්හි උදෑසන 6.00 සිට පස්වරු 1.00 දක්වා එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේය.

මෙම රථ වාහන සැලැස්මට අනුව ග්ලාස් හවුස් හන්දියෙන් නන්දා මෝටර් දෙසට ඇතුළුවීම පුස්තකාල හන්දියෙන් ග්ලාස් හවුස් දෙසට හා ආනන්ද කුමාරස්වාමි මාවතට ඇතුළුවීම අත්හිටවනු ඇති අතර ධර්මපාල මාවතෙන් එෆ්.ආර්. සේනානායක මාවතට ඇතුළුවීම, සොයිසා වටරවුමෙන් කන්නන්ගර මාවතට ඇතුළුවීම, විජේරාම මාවතින් රොස්මිඩ් පෙදෙස ඔස්සේ කන්නන්ගර මාවතට ඇතුළුවීම ද මෙම කාලය තුළ අත්හිටුවන බව පොලීසිය සඳහන් කළේය.