News

නිරෝධායනය අවසන් කළ පිරිසක් රැගෙන ගිය බස් රථයක් අධිවේගයේ දී අනතුරට

නිරෝධායනය අවසන් කළ කණ්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිසක් රැගෙන මාතර බලා ගිය යුද හමුදා බස් රථයක් ඊයේ (24) අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම කොළමැදිරිය ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබේ.

විදේශිකයන් පිරිසක් රැගෙන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල බලා යමින් සිටි බස් රථයක් යුද හමුදා බස් රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇත.

අනතුරින් සංචාරක බස්රථයේ රියදුරුට සහ රිය සහයකට බරපතල තුවාල සිදුව ඇති අතර යුදහමුදා රථයේ ගමන් ගත් සෙබලෙක්ද අනතුරින් තුවාල ලබා ඇත.

ඔවුන් මේ වනවිට හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.