News

ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු, ඌව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලටමි.මී.100 වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.