News

ප්‍රදේශ කිහිපයකට අද මි.මී. 75කට වැඩි තද වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (17) මි.මී. 75කට වැඩි තරමක තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ අද පස්වරු 2.00න් පසුව ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම මන්නාරම සිට පුත්තලම, කොළඹසහගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.