ප්‍රදේශ කිහිපයකට හදිසි ජල කප්පාදුවක්
කැළණි ගඟ දකුණු ඉවුර ජල ව්‍යාපෘතිය මගින් ජලය බෙදා හරිනු ලබන ප්‍රදේශ කිහිපයකට හදිසි විදුලි බිඳ වැටීමක් හේතුවෙන් ජල සැපයුම අත් හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජාඇල, කටුනායක-සීදූව, කැළණිය, බියගම, මහර, දොම්පේ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජලය අත් හිටුවා ඇත.
එම බිඳ වැටීම යථාතත්වය පත්කරන තුරු ජල සැපයුම් ලබාදීමටනොහැකි බව එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
