News

ප්‍රදේශ 6කට හෙට හිරු මුදුන්වෙයි

ප්‍රදේශ 6කට හෙට (09) දහවල් 12.12ට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ කුරුකැප්පෙටියාව, පොතුවැව, පොල්ගහගංගොඩ, උල්පොතවැව, ආවඩ්ඩාවේලි සහ ඌරනි යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතින බවයි.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය.