ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්නයන් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ නාට්‍යවේදියකු රංගධරයකු වන ආචාර්ය ජයලත් මනෝරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ මහතාගේ පවුලේ සාමාජිකයින් සදහන් කළේ අද (12) අලුයම බොරලැස්ගමුව අබේරත්න මාවතේ පිහිටි නිවසේදී ජයලත් මනෝරත්න මහතා අභාවප්‍රාප්ත වූ බවයි.
මියයන විට ඔහු 71වැනි වියේ පසුවිය.
ජයලත් මනෝරත්න මහතා වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය,රිදී තිරය සහ කලා ක්ෂේත්රයේ විවිධ පැතිකඩ හරහා මෙරට කලාවට මහත් සේවාවක් කළ කලා කරුවෙකි.
තලමල පිපිලා, අන්දරේලා, ගුරු තරුව, පුත්‍ර සමාගම, බූරුවා මහත්තයා, සෙල්ලම් නිරිඳු වැනි වේදිකා නාට්‍ය කිහිපයකටම නිෂ්පාදන කාර්යයෙන් දායක වූ මනෝරත්න මහතා වේදිකා නාට්‍ය, සිනමාපට සහ ටෙලිනාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වී රාජ්‍ය සම්මාන රැසක් හිමිකර ගෙන තිබේ.
ඔහුදේ දේහය අද පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා බොරැලස්ගමුව, රත්නාරාම පාරේ අභයරත්න මාවතේ පිහිටි නො. 18 නිවසේ තැන්පත් කර තැබේ.
දේහය පිළිබද අවසන් කටයුතු බදාදා(15) සිදුකිරීමට නියමිතය.
