News

පාඨලිත් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය ධුරයෙන් පාඨලි චම්පික රණවක මහතා ඉල්ලා අස්වී ඇත.

පාඨලි චම්පික රණවක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ ජනමතයට ගරු කරමින් තමා එම තීරණය ගත් බවය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වීම සම්බන්ධයෙන් පාඨලි චම්පික මහතා සුබ පැතුම්ද එක් කර ඇත.