පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කරන්න
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තෝරා ගන්නා කාන්තාවන් සංඛ්‍යාව වැඩි කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙරට රජයෙන් ඉල්ලීමක් කර ඇත.
ඔවුන් විසින් මෙම ඉල්ලීම කර ඇත්තේ එහි ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක ගුනා සිංගර් මගිනි.
මෙම ඉල්ලීම පිළිබඳ වැඩිදුරටත් පැහැදිළි කරන ගුනා සිංහර් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ කාන්තාවන් වසර ගණනාවක් තිස්සේ විවිධාකාරයෙන් සංවර්ධන ජයග්‍රහණ අත්පත් කරගෙන ඇති බවයි.
මෙරට කාන්තාව ආයුෂ, අධ්‍යාපන, සෞඛ්‍ය හා සාක්ෂරතාව මට්ටම්වලින් ඉහළ අගයන් ප්‍රදර්ශනය කළද ඇයට දේශපාලන බලය ලබාදීමේදී පවතින්නේ ඉතාම අඩු උනන්දුවක් බව ගුනා සිංහර් ප්‍රකාශ කරයි. ආසන 225කින් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 12ක් පමණක් වීමෙන් ඒ බව හොඳින්ම ප්‍රකට වන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
කෙසේ වෙතත් එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී මහජන නියෝජිතවරියන් වශයෙන් කාන්තාවන්ගේ සහභාගීත්වය වැඩි කිරීමට මැදිහත්වන ලෙස ඇය මෙරට රජයෙන් සහ සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටී.
නයන තරංග ගමගේ
