News

පාස්කු ප්‍රහාරයට මගේ සම්බන්ධයක් නැහැ පරීක්ෂණවලට සහය දෙනවා- හිටපු ඇමැති රිෂාඩ්

තමන් සහ තම පවුලේ කිසිවකුත් ත්‍රස්තවාදී කටයුත්තකට සම්බන්ධ නැති බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආරම්භ කර ඇති පරීක්ෂණවලට පූර්ණ සහයෝගය ලබාදෙන බවත් සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නායක හිටපු ඇමැති රිෂාඩ් බදියුද්දීන් පවසයි.

මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු කියාසිටියේ තම දේශපාලන මතය හේතුකොටගෙන වසරකට පසු මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බවට සැකයක් මතුව ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මගේ සහෝදරයාගේ නිවසට පැමිණ ඔහු රැගෙන ගොස් තිබෙනවා. සහෝදරයා බැලීමට පවුලේ කිසිවකුට අවස්ථාව ලබාදෙන්නේ නැහැ.

පාස්කු ප්‍රහාරයට රිෂාඩ් බදියුද්දීන් සම්බන්ධ බවට චෝදනා කළා. එම අවස්ථාවේදී පොලිසියට මේ පිළිබඳ ලැබුණු පැමිණිලි මත පරීක්ෂණ පවත්වා මාව නිදොස් කර තිබෙනවා.

ප්‍රහාරය සම්බන්ධ‍යන් සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවද මාව නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

මෙම ත්‍රස්තවාදී ක්‍රියාවලට මගේ සම්බන්ධයක් නැහැ. නමුත් පරීක්ෂණවලට සහයෝගය ලබාදෙනවා යැයිද හිටපු ඇමතිවරයා තවදුරටත් පවසයි.

උදයජීව ඒකනායක