පැලවත්ත- කොට්ටාව මාර්ගය හිරවෙයි
ගුරු-විදුහල්පති උද්ඝෝෂණයක් හේතුවෙන් පැලවත්ත- කොට්ටාව (174) බස් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබේ.
ඒ හේතුවෙන් පැලවත්ත- කොට්ටාව (174) බස් මාර්ගයේ එක්මං තීරුවක් මුළුමනින්ම වසා දමා ඇති බව පොලීසිය කියයි.
ඉසුරුපාය, පැලවත්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඉදිරිපිට පැවැත් වෙන මොවුන්ගේ උද්ඝෝෂණය හේතුවෙන් මෙලෙස දැඩි රථ වාහන තබ බදයක් හටගෙන ඇති බවත් උද්ඝෝෂකයින් හා පොලීසිය අතර උණුසුම් තත්ත්වයක්ද ඇති වී තිබෙන බව වාර්ථා වෙයි.
