පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැලේ පුද්ගලයින් 523 ක් PCR පරීක්ෂණයට
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළෙඳුන් සහ සේවකයින් අද(22) පෙරවරුවේ පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීම ආරම්භ කර තිබේ.
මෙහිදී මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙන්ඳන්, සේවකයින් සහ ජංගම මත්ස්‍ය වෙළඳුන් පරීක්ෂණ සඳහා යොමු කිරීම සිදුකර තිබේ.
ඒ අනුව පුද්ගලයින් 523 දෙනෙකු මේ වන විට පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව වාර්තා වෙයි.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මැදිහත් වීමෙන් මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ දී එම පී.සී.ආර් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.
