පුහුණුවක් අතරතුර ගුවන් හමුදා නිලධාරියෙක් මරුට
ශ්‍රී ලංකා ගුවන් හමුදාව අම්පාර ප්‍රදේශයේ සිදුකළ පුහුණු වීමක් අතරතුර පැරෂුට් දෙකක් එකිනෙක පැටලීමෙන් අනතුරක් සිදුව තිබේ. මේ හේතුවෙන් ගුවන් හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
අද (20) උදෑසන අනතුර සිදුව තිබෙන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් දූෂාන් විජේසූරිය මහතා සඳහන් කරයි.
අම්පාර ප්‍රදේශයේ පිහිටි ගුවන් හමුදා පැරෂූට් පුහුණු පාසලෙන් මොවුන් පුහුණුවීම් සඳහා පිටව ගොස් ඇති බව පැවසේ.
අඩි 8000ක පමණ උසක සිට ගුවන් හමුදා නිලධාරියා සහ අනෙක් ගුවන් හමුදා සෙබළා බිමට පැන ඇති අතර එහිදී පැරෂූට් දෙක එකිනෙක පැටලීමෙන් අනතුර සිදුව ඇත.
තුවාල ලැබූ ගුවන් සෙබළා ප්‍රතිකාර සඳහා අම්පාර රෝහලට ඇතුළත් කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කරයි.
