පොලිසිය උසස්වීම්වලින් රජයට රුපියල් ලක්ෂ 12 ක ආදායමක්
දීර්ඝ කාලයක් එකම තනතුරේ සිටින පොලිස් නිලධාරින්ට උසස්වීම් ලබාදීමට රජය ගත් තීන්දුවට අවශ්‍ය සුදුසුකම් ඉදිරිපත් කිරීමේදී රුපියල් පනහක මුද්දර ඇලවූ දිවුරුම් ප්‍රකාශයක් ලබාදීමෙන් රජයට රුපියල් ලක්ෂ දොළහක ආදායමක් උපදවා ගන්නා බව එම පොලිස් නිලධාරින් පවසයි.
සිය සහතිකපත් හා ලැබුණු පදක්කම් ආදිය පමණක් මීට පෙර ඉදිරිපත් කළ අතර දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම ප්‍රථමවරට අනිවාර්යය කර ඇත.
ඒ අනුව පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක දක්වා තනතුරුවල සිටින නිලධාරින් විසිහතර දහසකට මෙසේ උසස්වීම් ලබාදීමට නියමිත අතර වසර දහයක් එකම තනතුරේ සිටි නිලධාරින්ට මෙම උසස්වීම් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.
චමින්ද සේනාරත්න
