News

බ්‍රිතාන්‍ය අගමැති සඳුදා සිට වැඩ අරඹයි

කොවිඩ් – 19 වයිරසය වැළදී අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලැබූ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සුවය ලබා ලබන සඳුදා සිට නැවත සිය ධූරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිත බව ගාඩියන් පුවත් සේවය වාර්තා කරයි.

සුව ලැබූ අගමැති ජොන්සන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග දුරකතන සංවාදයක ද නිරතව ඇත.