News

බිත්තර මිල පහළට

අද(23) සිට බිත්තර මිල රුපියල් 10 කින් අඩු කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක මහතා පැවසීය.

මෙතෙක් රුපියල් 20 පැවැති බිත්තරයක මිල අද සිට රුපියල් 10 කට අලෙවි කරනු ලබයි.

අගමැතිවරයාගේ ඉල්ලීමක් අනුව මෙලෙස බිත්තර මිල අඩු කළ බව සභාපතිවරයා පැවසීය.

අද බිත්තර රැගත් ලොරි 450 ක් පමණ ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශ වලට පිටත් කර යැවූ බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.