News

බිය දුරු කරන්න අස්ගිරි මහ නා හිමිගෙන් පරිත්‍රාන ධර්ම දේශනාවක්

චීනයේ පැතිර යන කොරෝනා වෛරසයට බියෙන් පසුවන ජනතාවට සෙත් පැතීම සඳහා අද(05) රාත්‍රී සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවක් පවත්වා සෙත් පැතීමට පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් කටයුතු සූදානම් කර ඇත.

ශ්‍රී ලංකාවේ ජිවත් වන සියලුම චීන ජාතිකයින් හට කරුණාවෙන් සැලකිය යුතුයි අස්ගිරි මහා නාහිමියන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ චීනය තුළ පැතිරෙන කොරෝනා වෛරසය පැතීරිම වැලැක්විමට සහ වැළදුණු රෝගීන් සුවපත් කිරිමට චීන රජය සුළු කාලයක් තුළ ක්‍රියාත්මක වී ඇති බවයි.

ලංකාව ද චීනයේ වූහාන් ප්‍රදේශයේ රැදී සිටි ලාංකිකයින් නැවත ගෙන්වා ගැනිමත් රෝගී තත්ත්වය පැතීරිම වැලැක්වීම සඳහා ද අගනා සේවයක් ඉටු කරමින් සිටීම ප්‍රශංසනීය බවත් උන්වහන්සේ පෙන්වා දෙයි.