News

භාවිතයේ නැති රජයේ ගොඩනැගිලි නිරෝධායන මධ්‍යස්ථාන කිරීමට අවධානය

දිවයින පුරා භාවිත නොකරන රජයේ ගොඩනැගිලි නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිත කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී තිබේ.

එවැනි ගොඩනැගිලි පිළිබඳ කඩිනමින් වාර්තාවක් සකස් කර ලබා දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එන්. හෙට්ටිආරච්චි සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී ඇත.

එලෙස තෝරා ගන්නා ගොඩනැගිලි ත්‍රිවිධ හමුදාවට ලබා දී නිරෝධායන මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ලේකම්වරයා අවධාරණය කරයි.

 

උදයජීව ඒකනායක