මත්තල ගුවන්තොට ආරක්ෂිතයි ඕනෑම හදිසියකට මුහුණ දෙන්න සූදානම්
හදිසි අවශ්‍යතාවකට ගැළපෙන පරිදි නිසි සැලසුමකට අනුව මත්තල ගුවන්තොටුපොළේ සියලුම කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත්, ඕනෑම හදිසි අවශ්‍යතාවකට මුහුණ දීම සඳහා ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලය සූදානම්ව සිටින බවත් මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළේ ප්‍රධාන කළමනාකරු උපුල් කලංසූරිය පැවසීය.
මේ වන විට මත්තල ගුවන්තොටුපොළෙන් මගීන් පිටත්වීම හෝ පැමිණීම් කිසිවක් සිදුවන්නේ නැත. එහෙත් රජයෙන් ලැබෙන උපදෙස් අනුව ඕනෑම අවස්ථාවක ගුවන් යානා සඳහා සහ මගීන් සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමට අප සූදානම් වී සිටිනවා.
ඒ වගේම මේ වන විට ගුවන්තොටුපොළ සියලුම කාර්ය මණ්ඩලය ඉතා ආරක්ෂිතයි. මේ දිනවල කාර්ය මණ්ඩලයේ පැමිණීම සීමා සහිත කරලා තියෙනවා. සේවයට පැමිණෙන සියලුම සේවකයන් සඳහා නිවසටම ප්‍රවාහන පහසුකම් සලසා තිබෙනවා.
ඊට අමතරව අවශ්‍ය අවස්ථාවලදී සේවකයන්ට ආහාර ලබා දීමටත් අවශ්‍ය පියවර අරගෙන තියෙනවා.
සේවයට එන සියලුම කාර්ය මණ්ඩලයේ අය සෞඛ්‍ය බලධාරීන් ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කරනු ලබන අතර ඒ සඳහා අවශ්‍ය සියලුම පහසුකම් ගුවන්තොටුපොළෙ පරිශ්‍රයේ ස්ථාපිත කර තියෙනවා යැයි ගුවන්තොටුපොළ කළමනාකරු තවදුරටත් පැවසීය.
නුවන් ජයසේකර
