News

මන්නාරම-තාරාපුරම් ගම්මානය විවෘත කරයි

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් වාර්තාවීම හේතුවෙන් මන්නාරම, තාරාපුරම් ගම්මානය සුගිය 08 වනදා සිට හුදෙකලා ගම්මානයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණි.

මේ වන විට එම ප්‍රදේශයේ ආසාදිතයින් හදුනා ගැනිම අවසන්වීම හේතුවෙන් එම ගම්මානය තවදුරටත් සම්පූර්ණයෙන් වසා තැබීම අවසන් කර යලි විවෘත කළ බවයි යුධ හමුදාපති ලුතිතත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.